Monday, September 23, 2024

කොවිඩ් කමිටුවෙන් වැදගත් තීරණ…

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කොවිඩ් -19 පැතිරීම වැළක්වීම පිළිබඳ කාර්ය සාධක බළකා රැස්වීමේ දී ගත් තීරණ දැනුම්දෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවනු ඇත. ඒ අනුව සංචාරක, වරාය‍, ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර හිමිවේ.

ලබන සැප්තැම්බර් මස 15 වනදායින් පසු පොදු ස්ථානවලට පැමිණීමේදී වයස අවුරුදු 30ට වැඩි සියලු පුද්ගලයින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 02කම ලබාගත් බවට සඳහන් කාඩ් පත ළඟ තබා ගැනීම අනිවාර්ය බවත්, එම කාඩ්පත ලඟ නොමැති පුද්ගලයින් පරීක්ෂාවට ලක්කරන බව ද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම අවන්හල්, සාප්පු සංකීර්ණ, සහ වෙළෙඳසැල් පවත්වාගෙන යෑමේදී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළයුතු බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles