තවත් දින කිහිපයකින් ‘ඇතිවන තත්ත්වය’ PHI සංගමය හෙළි කරයි

0
358

ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ යන අතර දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බවත් මෙම තත්ත්වය අනුව තවත් කිහිප දිනක් ඉදිරියට ගියහොත් රෝහල් පද්ධතියේ සහ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා යන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවනවා.

රටේ දැන් පවතින තත්ත්වය පිළිබඳව රජයට හෝ මහජනතාවට වරදක් කිව නොහැකි බවත් දැනට පවතින තත්ත්වයට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු අතර එසේ නැතහොත් තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

”මේ වෙනකොට ලංකාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වඩාත් ඉහළ යමින් තියනවා දෛනිකව.ඒ වගේ ම මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තියනවා. මෙහි පවතින තත්ත්වය හමුවේ අපට බිම් මට්ටමේ පෙනෙන්නේ විශාල වශයෙන් කොවිඩ් 19 රෝගය ඉතා තදින් පැතිර යනවා ඒ නිසා දැනට පවතින තත්ත්වය අනුව තව දින කීපයක් ඉදිරියට ගියොත් රෝහල් පද්ධතිය සහ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉතාම ඉක්මනින් ඉක්ම යනවා.”

දැනට පවතින දැඩි සත්කාර ඒකක පහසුකම්, රෝහල්වල ඇඳන් ධාරිතාව මෙන් ම ඔක්සිජන් ධාරිතාව ද අවසන් වෙමින් පවතින බව රෝහල් බලධාරීන් පවසා ඇතැයි ඔහු පෙන්වා දී තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here