Sunday, September 22, 2024

වෛද්‍ය සිසුන් සේවයට කැඳවයි….

කොරෝනා ආසාදිතයින්ගේ නිවෙස් ප්‍රතිකාර ක්‍රමය සඳහා පුහුණුවලත්, වෛද්‍ය සිසුන් අනියුක්ත කිරීමට පියවර ගෙන තිබේ .

සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ සඳහා අවසන් වසරේ විභාගය සමත් සිසුන් 400 දෙනෙකු පමණ පුහුණු කර ඇති බවය.

ඔවුන් මේ වන විටත්, හඳුනා ගත් ප්‍රදේශවල නිවෙස් ප්‍රතිකාර ක්‍රමය සඳහා අනියුක්ත කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ පැවසුවේ, මේ වන විට 4000 කට අධික පිරිසක් කොරෝනා ආසාදිතව නිවෙස්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර ඔවුන්ගෙන් රෝහල් ගතවන ප්‍රතිශතය සියයට 5ක් දක්වා අඩු වී ඇති බවය.

කොරෝනා සම්බන්ධ කිසියම් රෝග ලක්ෂණයක් හෝ ශරීරයට අධික වෙහෙසක් ඇත්නම්, කොරෝනා පරීක්ෂණයට යොමු වීම වැදගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

එසේ නොමැති නම් 1999 සහ 011 7 966 366 යන දුරකතන ඇමතුම් අංක මගින් වෛද්‍ය උපදෙස් වෙත යොමුවිය හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles