Sunday, September 22, 2024

අධි සංවේදී පී.සී.ආර්.පරීක්ෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපළ​ට

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගමන් ගන්නා ගුවන් මගීන් හට පහසුකම් සැළසීම සදහා අධි සංවේදී පී.සී.ආර්. (Rapid P.C.R Test )  පරීක්ෂණාගාරයක් 08/14 දින දහවල්  කටුනායක ගුවන් තොටුපළ තුළ  විවෘත කිරීම සිවිල් ගුවන් සේවා සහ ආයෝජන කළාප පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අතින්  සිදු විය .එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ප්‍රාන්ත රාජ්‍ය 07 ක ගුවන් තොටුපළ වෙත පිවිසීමට පැය 04 ක කාළසීමාව තුළ ලබා ගත් අධි සංවේදී පී.සී.ආර්.පරීක්ෂණයකට සහභාගී වී , එයින් ද  ඍණාත්මක ප්‍රතිඵල ඇති ගුවන් මගීන්ට පමණක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීමට අවසරය ලබා දී තිබේ . එහෙත්   මෙවැනි වෛද්‍ය පරීක්ෂණාගාරයක් මෙතෙක් ශ්‍රී ලංකාවේ නොතිබුණි .ඩුබායි , අබුඩාබි , සාජා , උම් අල් කායිවේන් , ෆ්ජාරියා , අජ්මාන් , රාස් අල් කායිමාහ් යන ගුවන් තොටුපළ වෙත පිවිසීමට මෙම අවශ්‍යතාව අලුතෙන් ඇති වී තිබේ .මෙම අධි සංවේදී පී.සී.ආර්. ඍණාත්මක වාර්තාවට අමතරව , පිටත්වීමට පැය 48 ක කාළයක් තුළ ලබා ගත් පී.සී.ආර්.පරීක්ෂණ වාර්තාවක් ද මෙම රාජ්‍යය වෙත පිවිසීමට අත්‍යාවශ්‍ය වී තිබේ .එනිසා මෙම වෛද්‍ය පරීක්ෂණාගාරය පිහිටුවීමට පියවර ගෙන ඇති අතර ,  මෙම  අධි සංවේදී පී.සී.ආර්.පරීක්ෂණාගාරය ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති එකම සහ පළමු පරීක්ෂණාගාරය වීම ද විශේෂත්වයකි .මෙම පරීක්ෂණාගාරය තුළ සිදු කෙරෙන , එක් පරීක්ෂණයක් සදහා රුපියල් 7,500 ක මුදලක් අය කරන අතර , ඒ සදහා පැයක පමණ කාළයක් ද ගත වේ .මෙහි සවි කර ඇති එක් යන්ත්‍රයකට පැයකට සිව් දෙනෙකුගේ නියැදියන් එකවර පරීක්ෂණය කිරීමට හැකි වන අතර , එවැනි යන්ත්‍ර 06 ක් මෙම පරීක්ෂණාගාරය තුළ ස්ථාපිත කර තිබේ.එනිසා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත්ව යෑමට පැමිණෙන  ගුවන් මගීන් , තම ගුවන් යානය පිටත්වීමට පැය 04 කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණිය යුතුය .එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත් යෑමට පැමිණෙන ගුවන් මගීන් තම විදේශ ගමන් බලපත්‍රය , ජාතික හැදුනුම්පත සහ ගුවන් ප්‍රවේශ පත්‍රය අනිවාර්යයෙන්ම රැගෙන මෙම පරීක්ෂණාගාරය වෙත පිවිසීම සිදු කළ යුතුය .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles