කිරිපිටි බදු ඉවත් කිරීමෙන් මසකට මිලියන 200ක් ආණ්ඩුවට පාඩුයි!

0
285

ආනයනික කිරිපිටි සඳහා පනවා තිබූ බදු ඉවත් කිරීම නිසා රජයට මසකට රුපියල් මිලියන 200ක පමණ මුදලක් අහිමි වන බව මුදල් අමාත්‍යංශය පවසයි.

එම කිරිපිටි බදු සහනය නිසා වසරකට අහිමිවන මුළු මුදල රුපියල් මිලියන 2400කි.

බදු ඉවත් කිරීම යටතේ ආනයනික කිරිපිටි කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 40ක ආනයන බද්ද ඉවත් කර ඇත. 

ශ්‍රී ලංකාව වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක පමණ කිරිපිටි නවසීලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරයි. 

වෙළෙඳපොළේ පවත්නා කිරිපිටි හිඟය තුරන් කිරීම සඳහා ආණ්ඩුව කිරිපිටි බදු ඉවත් කිරීමේ තීන්දුව ගනු ලැබූ බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් කියයි.

(දේශය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here