Saturday, September 21, 2024

ගෑස් මිල වැඩි කළත් සිලින්ඩරේකින් රු. 312ක් අපට පාඩුයි….! ජනතාව ගැන හිතල පාඩුවට ගෑස් දෙනවා…! – ලාෆ් සභාපති…

ගෑස් මිල ඉහළ දැමීමට අනුමැතිය ලැබී තිබුණත් නව මිලට ගෑස් අලෙවි කිරීමේ දී සෑම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින්ම රුපියල් 312ක පාඩුවක් වන බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය පවසයි.

කොවිඩ් වසංගතය නිසා ජනතාවගේ ආර්ථික අමාරුකම් සැලකිල්ලට ගෙන අනුමැතිය දී ඇති මිලට පාරිභෝගිකයන්ට කඩිනමින් ගෑස් ලබා දෙන බව ද ඔහු සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යෑම නිසා මෙරට වෙළෙඳපොළේ මිල ගණන් මෙලෙස වැඩි කිරීමට සිදු වී තිබෙන බවත් සමාගමට හෝ ආණ්ඩුවට එයින් අත් වන අමතර වාසියක් නැති බවත් සභාපති වෑගපිටිය සඳහන් කළේය.

ඉකුත් ජූනි සහ ජූලි මාස දෙකේ ලෝක වෙළෙඳපොළේ මිලට සාපේක්ෂව මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 475 කින් ඉහළ දැමිය යුතුව තිබූ බවත් මේ වනවිට ලෝක මිල අනුව සිලින්ඩරයක මිල රුපියල් 675 කින් වැඩි කළ යුතු බව ද හෙතෙම කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles