රටේ ඔක්සිජන් තොග ඇත්තේ දින 07කට පමණයි – රෝගීන් රැසක් අවදානමේ

0
361

රටේ ඔක්සිජන් තොග ප්‍රමාණවත් වන්නේ තව දින 07ක් සඳහා පමණක් බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග හෙළි කරයි.

මේ වනවිට දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 100කට ආසන්න වන බවත් සමස්ථ දේශීය ඔක්සිජන් නිශ්පාදනය මෙට්‍රික් ටොන් 77ක් බවත් වාර්තා වේ.

මෙම ඔක්සිජන් ප්‍රමාණයෙන් මෙතෙක් සෞඛ්‍ය අංශ විසින් දෛනිකව ලබා ගත්තේ මෙට්‍රික් ටොන් 44කි.

ඉතිරිය වැය වී තිබුණේ කර්මාන්ත සඳහාය. මේ වනවිට රට තුළ නිශ්පාදිත මුළු ඔක්සිජන් ධාරිතාවම සෞඛ්‍ය අංශ වෙත ලබාගෙනත් එම ප්‍රමාණයම ලබාගෙන ඇත.

මේ වනවිට එම ඔක්සිජන් නිෂ්පාදනය ධාරිතාවට වඩා අවශ්‍යතාවය ඉහළ ගොස් ඇත.

මෙතෙක් තත්වය කළමණාකරණය වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මිල දී තබා ගත් ඔක්සිජන් තොග වලින් බවත් එම තොග ප්‍රමාණවත් වන්නේ තව සතියක් සඳහා පමණක් බවත් සෞඛ්‍ය ආරංචි මාර්ග හෙළි කරයි.

ඉදිරි සති දෙක තුළ දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 120 තෙක් ඉහළ යෑම සිදුවනු ඇතැයි සෞඛ්‍ය අංශ තක්සේරු කර ඇතැයි වාර්තා වේ.

මේ වනවිට රට තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීන් 700 ඉක්මවා ගිය සංඛ්‍යාවක් සිටිති.

ජාතික රෝහලේ සිටින කොවිඩ් ආසාදිත රෝගීන් 650න් 250ක් ජීවත් වන්නේ ඔක්සිජන් මත යැපෙමිනි. ජාතික රෝහලේ පමණක් දැඩි සත්කාර ඒකකවල කොවිඩ් රෝගීහු 20ක් ප්‍රතිකාර ලබති.

මේ අතර අද ඩේලි මිරර් වාර්තා කර තිබුණේ සෑම සතියකම ඉන්දියාවෙන් ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100 ක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බවය.

ලබන සතියේ සිට මෙම පියවර ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඩේලි මිරර් වෙත පවසා තිබිණි.

Ceylon News Factory

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here