Friday, September 20, 2024

කැබිනට් අමාත්‍යවරු 04ක් වෙනස් වෙයි

කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනකුගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, මහාචාර්ය ජී එල් පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් සිවුදෙනාගේ විෂය පථයන් වෙනස් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද, මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදෙස් කටයුතු ඇමැතිවරයා වශයෙන් ද ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමතිවරයා වශයෙන් ද පත්කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි .
එම ඇමති සංශෝධනය අනිද්දා(17) දිනයේදී සිදු කෙරෙනු ඇතැයි ද වාර්තා වේ .
– lankadeepa

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles