Saturday, September 21, 2024

ගුරු විදුහල්පති වෘත්තීය සමිති යෝජනා පිළිබඳ මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඉදිරිපත්කරන ඉල්ලීම් සහ යෝජනා පිළිබඳව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බව කැබිනට් අනු කමිටු සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අනතුරුව කැබිනට් අනුකමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ සියලූම වෘත්තීය සමිති අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති අතර එළඹෙන අගහරුවාදා සහ බදාදා දිනවලද එම සාකච්ඡා පැවැත්වෙනවා.

අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට පැවරුණු වගකීම හැකි ඉක්මනින් අවසන් කොට අනුකමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles