සති දෙකක් ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලීමක්..

0
252

මෙරට තුළ පැතිර යන කොරෝනා වෛරස් තත්ත්වය පාලනය කිරීමට නම් අවම වශයෙන් සති දෙකක් ඇදිරි නීතිය පැනවීමක් සිදු කළ යුතු බව ප්‍රජා සෞඛ්‍ය ලේකම්, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සේනක ගමගේ මහතා පවසනවා.

ඒ මහතා අවධාරණය කරන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මෙරට සෞඛ්‍ය අංශවල ඉල්ලීම් සඳහා රජය කිසිදු සුබදායී ප්‍රතිචාරයක් නොදැක්වීම කනගාටුවට කරුණක් බවයි.

එමෙන්ම, බටහිර වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය එකට සම්බන්ධ කර ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම තුළින් රෝහල්වල ධාරිතාව ඉහළ නංවා, රෝහල් තුළ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සුව කිරීමේ වැඩපිළිවෙළක් වෙත යා හැකි බවයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here