“නිරෝධායන නීති මගින් ජනතා අයිතීන් කඩ නොවිය යුතුයි” : අධිකරණය

0
325

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ නිදහස සහ උද්ඝෝෂණය කිරීමට ඇති අයිතියට ඉහළින් නිරෝධායන නීති පැවතීමට හැකියාවක් නොමැති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද අධිකරණයේදී සඳහන් කලා.

මහේස්ත්‍රාත්වරිය මේ බව සඳහන් කලේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගිනි ගැනීම හමුවේ රැකියා අහිමිවූ ධීවරයන් විසින් මෝදර පැවැත්වූ උද්ඝෝෂණයකදී නිරෝධායන නීති කඩකර පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ නඩු විභාගය අද පැවති අවස්ථාවේදීයි.

කොවිඩ් මර්දනයට නිරෝධායන නීති පැවතිය යුතු නමුත් එමගින් මූලික අයිතීන් කඩ නොවිය යුතු බව අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කලා.

නිරෝධායන නීති මගින් ජනතාව මර්දනයක් සිදු නොවිය යුතු බවද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here