කඩසාප්පු වැසීම පිටුපස දේශපාලනයක් තිබෙනවා

0
357

නගරවල කඩ සාප්පු වසාදැමීම පසුපස ඇත්තේ ද දේශපානයක් බවත්, එහි අරමුණ රට තුළ වෙනත් මතයක් ගොඩනැගීම බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනතාව කඩසාප්පු වසාදැමීමට පෙර කළ යුතුව තිබුණේ උද්ඝෝෂණවලට සහයෝගය නොදී ඒවා නතර කිරීම බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

නමුත් එම අවස්ථාවේදී ජනතාව කළේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ බව සිතා කරන ඒවාට සහයෝගය ලබාදීම බව කී ඇමතිවරයා එදා කඩ වසා උද්ඝෝෂණ එපා යැයි කියන්නට තිබූ බවද කීවේය.

මේ සැම දෙයක්ම පසුපස ඇත්තේ දේශපාලනය බව කී ඇමතිවරයා ඔවුන්ගේ උත්සාහය රට අක්‍රීය කිරීම බවද පැවසීය.

මෙවැනි දේ කරන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකළ පිරිස් යැයි ද ඇමතිවරයා කීය.

උද්ඝෝෂණ නිසා ඇතිවන කොවිඩ් පොකුර නැවැත්වීමට උත්සාහ කිරීමේදී ඇතැමුන් එය දේශපාලන මර්දනයක් ලෙස දුටු බව කී ඇමතිවරයා විපක්ෂයට අවශ්‍ය ජනතාවගේ මලමිනී මතින් හෝ දේශපාලනය කිරීම බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here