රුපියල නැවතත් අවප්‍රමාණය වෙයි

0
296

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යළිත් අවප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව රුපියලේ ගැණුම් මිල රුපියල් 198.19 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 202.89 ලෙසයි.

කෙසේ වෙතත් මේ වන විට වෙළෙඳපොළ ඇමරිකානු ඩොලරයක් රුපියල් 211 සිට 215 දක්වා අලෙවි වනවා.

මහ බැංකුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සඳහා රුපියල් 202.89ක බර තැබීමක් සිදු කර තිබුණද, පෞද්ගලික බැංකු මේ වන විට මෙම අනුපාතයෙන් අත්හැර දමා තිබෙනවා.

ඊයේ දේශීය පෞද්ගලික බැංකුව ආනයනකරුවන් සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 211 ක් විදේශ විනිමය අනුපාතයක් රඳවාගත් අතර විදේශ බැංකු රඳවාගත් අනුපාතය රුපියල් 215 දක්වා ඉහළ දමා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here