මෙරට ආරක්ෂාව ගැන විශේෂ අවධානය

0
316

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමග අන්තවාදී සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙරටට හා කලාපයට ඇති බලපෑම සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.

මේ සම්බන්ධව විශේෂ සාකච්ඡා කිහිපයක්ම පැවැති බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියකු අරුණට පැවැසීය.

තලේබාන් සංවිධානය වෙත බලය යාමත් සමග ජිහාඩ් හා අයි.එස්. සංවිධානවල සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ මෙරට අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වයත්, ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කරගත් හෙරොයින් ජාලයට සම්බන්ධවූවන් ගැනත් වැඩි අවධානය යොමු කිරීමට තීරණය කර ඇත.

පසුගිය වකවානුවේදී ඇෆ්ගන් සීමාවෙන් මත්ද්‍රව්‍ය එවිමේදී මෙරටට අවි ආයුධ එවීමට පටන් ගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here