ඉන්ධන අර පිරිමැස්මෙන් භාවිත කරන්න – ඇමති ගම්මන්පිල ගෙන් ඉල්ලීමක්

0
329

ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉල්ලීමක් කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ රට මුහුණපා ඇති විදේශ විනිමය අර්බුදය හමුවේ මෙම වසරේ මුල් මාස හය තුළදී ආනයන වියදමෙන් සියයට 18 ක් වැයවූයේ ඉන්ධන ආනයනය සඳහා බවයි.

අවසන් මාස හය තුළදී එය සියයට 25 ක් දක්වා ඉහළ යා හැකි බව අමාත්‍ය උදය ගම්මන්පිල එමඟින් පෙන්වා දී තිබෙනවා.

එබැවින් ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විදේශ විනිමය ඉතිරි කරගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි සිය ට්විටර් පණිවුඩයෙන් ඔහු තවදුරටත් දක්වා ඇත්තේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here