FCID එකටත් බ්රේක් නැතිවේ.

0
702
ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන්ට මෙන්ම ඔවූනට හිතවත් රජයේ නිලධාරීන්ටද දුෂණ චෝදනා එල්ලවෙමින් තිබීම නිසා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වසා දැමීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
අග‍්‍රාමත්‍යවරයාගේ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරමින් සිටින හේමා පේ‍්‍රමවර්ධන මහත්මිය ද අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පසුගියදා සුදානම් වීම එහි ආසන්නම සිද්ධියයි.
හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ සංචාරක ප‍්‍රවර්ධන සම්බන්ධයෙන් ඉහල වගකීමක් දැරූ ඇය, පසුගිය රජය සමයේ රුපියල් ලක්‍ෂ 70කට අධික රාජ්‍ය මුදලක් අවභාවිතයේ යෙදවූයේ යයි චෝදනා ලැබ සිටියි.
ඒ අනුව ඇය නීතිපති උපදෙසින් පසුගියදා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණ.
කෙසේ වෙතත් දේශපාලන බලවතෙකුගේ බලපෑමක් මත එම අත්අඩංගුවට ගැනීම අතහැර දැමීමට පොලිසියට සිදුවිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here