Friday, September 20, 2024

සතියක් රට වසා තබන්නැයි අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට – අගමැතිට ලිපියක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සදහා සතියක කාලයක් රට වසා තබන්නැයි අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමිනුයි මහනාහිමිවරුන් මෙම ඉල්ලීම කර ඇත්තේ.

කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අදවනවිට සමස්ත රටවාසීන් මහත් ව්‍යසනයකට පත්ව සිටින බවත් ආසාදිතයන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළයමින් පවතින බවත් අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් අවධාරණය කර තිබෙනවා.

ඉදිරි මාස කිහිපය තුළදී ශ්‍රී ලංකාව තුළ ඇතිවිය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද අනතුරු අගවා ඇති බැවින් සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක කාලයක් හෝ රට වසා දමා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගන්නා ලෙසයි අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත යැවූ ලිපියෙන් ඉල්ලා ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles