රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නෑ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

0
320

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සදහන් කලේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

කිසියම් ලෙසකින් ඉන්ධන හිඟයක් පවතින්නේ නම් තමා ඒ පිළිබඳ ව ජනතාව දැනුවත් කරන බව ද ඔහු ට්විටර් සටහනක් යොමු කරමින් ප්‍රකාශ කළා.

මීට පෙර ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවලදී ද තමා ඒ පිළිබඳ ව ඍජුව ම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රට තුළ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බවත්, මේ වන විට ඩීසල් සංචිත දින 11කට සහ පෙට්‍රල් සංචිත දින 10කට පමණක් ප්‍රමාණවත් බවත් ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඊයේ (19) සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව යි අමාත්‍යවරයා මෙම ට්විටර් පණිවුඩය නිකුත් කර තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here