Saturday, September 21, 2024

ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට

ශ්‍රී ලංකාවේ මේ වන විට සිදුකරමින් පවතින එන්නත්කරණ ක්‍රියාවලිය දැඩි පැසසුමට ලක්කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය වන අලාකා සිං මහත්මිය පවසනවා.

ඒ සඳහා මෙරට රජය ඉතා සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ඇය පෙන්වා දී ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර ඊයේ පැවති සාකච්ඡාවකදීයි ඇය මේ බව පවසා ඇත්තේ.

හදිසි වෛද්‍ය පහසුකම් මෙරටට සැපයීම පිළිබඳව මෙහිදී එම නියෝජිතවරිය සාධනීය අදහස් දක්වා ඇති අතර යුරෝපා සංගමය හා සාකච්ඡා කරමින් ඔක්සිජන් සැපයීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවයි පෙන්වා දී ඇත්තේ.

අවශ්‍යතාවය මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරටට ලබාදීමට හැකි බවත්, ඒ සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත් නියෝජිතවරිය පෙන්වා දුන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles