ඇඳිරි නීතිය සමග පවත්වාගෙන යාමට අවසර හිමිවන සේවා 19 ක්

0
278

නිරෝධායන ඇඳිරි නීතිය පැණවීමත් සමග පවත්වාගෙන යාමට අවසර හිමිවන සේවා 19 ක් පිළිබඳ කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා / පොලිස් ස්ථාන / ග්‍රාම නිළධාරීන් / සියලු ක්ෂේත්‍ර නිළධාරීන් / පළාත් පාලන අංශ පවත්වාගෙන යා හැකියි.

ජල – විදුලිය – ඉන්ධන පිරවුම්හල් – ගෑස් මධ්‍යස්ථාන – ගරාජ වැනි උපයෝගීතා සේවා / කෘෂිකාර්මික අංශ / ඔන්ලයින් ක්‍රමයට බෙදා හැරීම් සිදුකිරීම සඳහා ග්‍රොසරි හා සුපිරි වෙළඳ සැල් මෙන්ම අත්‍යවශ්‍ය සේවා බෙදා හැරීම් සඳහා ද අවසර හිමිවනවා.

ඩිලිවරි ක්‍රමයට බේකරි නිෂ්පාදන බෙදා හැරීම් / බැංකු / අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ප්‍රවාහන කටයුතු / කොවිඩ් නොවන මරණ සඳහා අවමංගල්‍ය කටයුතු / අත්‍යවශ්‍යම කරුණක් සඳහා නිවසකින් එක් අයෙකුට පමණක් බැහැරවීම ද සිදුකල හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ.

අවුරුදු 65 ට වැඩි නිධන්ගත රෝග සහිත කිසිවෙකුත් වෛද්‍යමය අවශ්‍යතාවයකට හැර නිවසින් බැහැර නොවිය යුතුයි. කිසිදු පුද්ගලික හමුවීම් යොදාගත නොහැකියි.

ඉදිකිරීම් වැනි දෛනික වැටුප් ලබන කම්කරුවන් – සංචාරක අංශ මෙන්ම දිස්ත්‍රික් කොවිඩ් කමිටු මගින් අනුමැතිය දෙන වෙනත් ඕනෑම අංශයක් සඳහාද අවසර ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කලා.

කෙසේවෙතත් ආගමික රැස්වීම් – අවන්හල් – හෝටල් – උපකාරක පංති – ක්‍රීඩා කටයුතු – සිනමා ශාලා – ස්පා වැනි දෑ පවත්වාගෙන යාමට කිසිදු අවසරයක් හිමිවන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here