Saturday, September 21, 2024

චීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණනේ සීමා වෙනස්වෙයි

චීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට අවස්ථාව ලබාදීමට ගෙන තිබූ තීරණය අනුමත කිරීමට චීන බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ සමඟින් චීනයේ එක් පවුලකට උපරිමව දරුවන් දෙදෙනෙක් ලැබිය හැකි බවට මෙතෙක් පැවති නීතිය වෙනස් වනවා.

එම වෙනස්කම, චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බව මීට පෙර චීනය නිවේදනය කළා.

එහි අරමුණ වන්නේ චීන ජනගහන වර්ධනයට රුකුළක් දීම බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

දශකයකට වරක් එරට සිදුකරන ජනගහන සංගණනය අනුව එරට ජනගහන වර්ධන වේගය අඩුවී ඇති බවට පෙනීයාම හේතුවෙන් චීන බලධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා. (colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles