රට වැහුවත් සංචාරකයන්ට රට විවෘතයි

0
312

මේ මොහොතේ රට වසා දමා තිබුණ ද සංචාරකයින් සඳහා රට විවෘත බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි සංචාරකයන් දැනටමත් ගුවන් ටිකට්පත් සහ හෝටල් සඳහා මුදල් ගෙවා ඇති බවත් එම තත්වය යටතේ ඔවුන් අපහසුතාවයට පත් කිරීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

ගුවන් තොටුපල හා සංචාරක සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බවද ඔහු පැවසීය.

මෙරට පැමිණෙන සංචාරකයන් සඳහා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගැනීමට ද අනිවාර්ය කර ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here