පොටිට නවුෆර්ටත් කොරෝනා

0
351

මරණ දඬුවම නියම වී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර්ට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු වකුගඩු රෝගයෙන් පෙළෙන අතර පරීක්ෂණයක් කිරීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබූ අවශ්ථාවක එහිදී කළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහු කොරෝනා වයිරසය ආසාදිතයකු බව තහවුරු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.
අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර එවා ඇත. මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් පොට්ට නවුෆර්ට මරණ දඬුවම නියම කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here