Thursday, September 19, 2024

පෞද්ගලික ඉඩම් වනසන රජයේ නිලධාරීන්..

රජයේ වනජීවි දෙපාර්තමේන්තුව සතු ඉඩම් ආරක්ෂා කිරීමේ මුවාවෙන් පෞද්ගලික ඉඩම් විනාශ කිරීමේ පුවතක් දඹුල්ලෙන් වාර්තා වෙයි.

ජනාධිපතිවරයා විසින් වනජීවි ඉඩම් ගල්දමා ආරක්ෂා කිරීමේ උපදේශයට අනුව දඹුල්ල ඉහළගල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් මායිම් පවා රජයේ ඉඩම් සේ සලකා කටයුතු කිරීමට එහි අඩවි වන නිලධාරී ඒකනායක නැමැත්තා කටයුතු කර ඇති බව අපට වාර්තා වේ.

පුරාවිද්‍යා, පළාත්සභා, වාරිමාර්ග පරිසර, වනජීවි ආදී සියලුම අමාත්‍යංශ වලින් අනුමැතිය ලබාගත් හෝටල් සංකීර්ණයක ඉදිරිකිරීම් ආරම්භ කිරීමේ කටයුත්තක් සඳහා මෙහිදී බාධා එල්ල වී ඇත. බිම්සවිය A1 ඉඩම් ඔප්පු පවා ඇති මෙම භූමිය වෙත ගල්තමා මායිම් සැකසූ පසු නැවත ඉවත් කිරීමට නම් ඒ වෙනුවෙන් උසාවියක නඩු පවරන ලෙස ඔහු පවසා ඇත.

මෙකී ක්‍රියාවලිය නිශ්චිත අධීක්ෂණයකින් තොරව, හිතුමතේ, පෞද්ගලික ඉඩම් හිමියන් වෙත බාධා පමුණුවමින් සිදුකරන්නට යැයි අතිගරු ජනාධිපතිතුමා පවසා නැත. එබැවින් මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය වහාම යොමුවෙතැයි අපි බලාපොරොත්තු වෙමු.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles