චීනය දත්ත ආරක්ෂණ නීති තද කරයි.

0
326

පෞද්ගලික තොරතුරු ආරක්ෂණ නීතිය නමින් නව සයිබර් දත්ත ආරක්ෂණ (Data Security) නීතියක් චීනවය විසින් අනුමත කර තිබේ.

චීන මහජන කොංග්‍රසයේ ,ස්ථාවර කාරක සභාව විසින් පසුගියදා අනුමත කරනු ලැබූ මෙම නීතිය නොවැම්බර් මස පළමුවනදා සිට ක්‍රියාත්මකවීමට නියමිතයි.

මෙමගින් අන්තර්ජාල සමාගම්වල ක්‍රියාකාරිත්වය දැඩි ලෙස සීමා කර ඇති අතර පුද්ගලික දත්ත රැස්කිරීම,හුවමාරැ කිරීම, අනාවරණය කිරීම ආදි ක්‍රියා රැසක් දැඩි නියාමනයකට යටත් කොට තිබේ.

මෙය පුද්ගලික දත්ත අවභාවිතා කීරීමට අදාළ නීතියක් ලෙස හදුන්වාදී ඇතත්, මෙය අන්තර්ජාල සමාගම් පාලනය කිරීමේ උත්සහයක් ලෙස බොහෝ පාර්ශවවල විවේචනයට ලක්ව ඇත.

චීනයේ ඇතැම් අන්තර්ජාල සමාගම් සහ එර⁣ට රජය අතර පසුගිය කාලසීමාවේ දැඩි මතභේද පැවති අතර නව නීතිය එහි ප්‍රතිඵලයක් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here