Friday, September 20, 2024

මෙරටින් ඩෙල්ටා විකෘති 4ක් – කලින් ඇල්ෆා එකෙත් විකෘති තිබිලා

මෙරට තුළින් මේ වනවිට කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදයේ විකෘත 04ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යා අංශ ප්‍රධානී සහ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ මීට පෙර තිබූ ඇල්ෆා ප්‍රභේදයේ මෙන්ම ඊට පෙර පැවති කොවිඩ් ප්‍රභේදවලින් මෙරට තුළ මෙලෙස විකෘතින් හමුවූ බවත් එය සාමාන්‍ය තත්ත්වයක් බැවින් කලබල විය යුතු නොවන බවයි.

වයිරසයක කලක් ගතවිට මෙලෙස විකෘති ප්‍ර‍භේද හටගන්නා බවත් ඉන් බොහොමයක් විකෘතින් ගණන් ගත යුතු නැතැයි ද ඇය කියා සිටියා ය.

කෙසේවෙතත් මෙලෙස හමුවී ඇති විකෘති නිසා මෙරට තුළ කොවිඩ් ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයට මේවා හේතුවී ඇතැයි ද යන්න පිළිබද වැඩි අවධානයක් යොමුකර පර්යේෂණ කරමින් සිටින බව ඇය කියා සිටියාය.

අද පෙරවරුවේ සියලුම මාධ්‍ය ඔස්සේ පැවැති මෙරට කොරෝනා වසංගතය සම්බන්ධ විශේෂ වැඩසටහනකදී ඇය මේ බව සදහන් කලාය.

දැනට මෙරට භාවිතා වේදන සියලුම එන්නත් මෙම විකෘතිතා වෙත කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවද ඇය පැවසුවාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles