ඉන්ධන මිල අඩුකරන්නැයි ඉල්ලා මුදල් ඇමතිට ලිපියක්

0
300

ලෝක වෙළෙදපලේ බොරතෙල් මිළ සීඝ්‍රයෙන් පහල ගොස් ඇති බැවින් මෙරට ඉන්ධන මිළ අඩුකරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

එහි සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ පසුගිය ජූලි 30 වනදා වන විට අමෙරිකානු ඩොලර් 73 කට අධික මිළකට අලෙවි වු බොරතෙල් බැරලය පෙරේදා දිනය වන විට අමෙරිකානු ඩොලර් 62 දක්වා මිළ පහල ගොස් ඇති බවයි.

ලෝක වෙළෙදපලේ මිළ ඉහල යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිළ ඉහල දැමු බැවින් මිළ අඩුවිමේ වාසියද ජනතාවට දිය යුතු බවයි රංජිත් විතානගේ මහතා අවධාරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here