එජාපය කියන විදිහට කළා නම් ජනතාව කැපකිරීම් කළ යුතු නෑ….! – රුවන්

0
281

කොවිඩ් වසංගතයට සහ ආර්ථික අර්බුදයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විසි එක් වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාත්මක කළා නම් කැපකිරීම් කරන්න ලැහැස්ති වන්නැයි ජනතාවට කීමට ජනාධිපතිවරයාට කිසි ලෙසකින්වත් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.

විසිඑක් වැදෑරුම් යෝජනා ඇතුළත් ප්‍රතිපත්ති මාලාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයා වෙත බාර දුන් බව කී රුවන් විජේවර්ධන, සෞඛ්‍ය හා ආර්ථික වශයෙන් සුරක්ෂිත වූ රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය යෝජනා එහි ඇතුළත් වන බව ද කීවේ ය.

පක්ෂයේ 75 වන සංවත්සරය පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් සූම් (zoom) තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මෙි බව ප්‍රකාශ කළේ ය.

Emanisa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here