Friday, September 20, 2024

කොරෝනා දේහ ගැන සොයන්න එස්.පී.වරයකු පත්කරයි

කොවිඩ් ආසාදනය වී මියගිය පුද්ගලයන්ගේ දේහ රෝහල්වල ගොඩගැසී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ප‍්‍රධාන රෝහල් පහකට පොලිස් අධිකාරීවරයකු පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ අනුව, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කළුතර මහ රෝහල, රාගම සහ පානදුර යන රෝහල්වල තොරතුරු සොයා බැලීම සදහා පොලිස් අධිකාරිවරයකු අනියුක්ත කර ඇතැයි ද ඔහු සදහන් කළේය.

කොවිඞ් ආසාදනය වී මියගිය පුද්ගලයන්ගේ දේහ බස්නාහිර පළාතේ රෝහල් කිහිපයක වාට්ටුවල තැනින් තැන දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා එම රෝහල්වල ඇති පොලිස් මුරපෙලවල් සමග සම්බන්ධ වෙමින් කටයුතු කරන ලෙසට මෙම පත්කිරීම් සිදුකර ඇති බවත් හෙතෙම පැවසීය.

අදාළ රෝහල්වල පොලිස් මුරපොල සමග සම්බන්ධ වෙමින් කොවිඞ් මරණ මෙන්ම සාමාන්‍ය මරණ සම්බන්ධයෙන් ද සොයා බලා කටයුතු කිරීමද මෙමගින් යුහුසුලූව සිදුවනු ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles