Sunday, September 22, 2024

වියත්මගට එන්න බෑ කී වෛරසවේද විශේෂඥවරියට වුණු දේ ආණ්ඩු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ කියයි

තමන්ගේ හොඳම ගෝලයා මෙන්ම වෛරස වේදය පිළිබඳ ලෝකයේ විශිෂ්ටම දැනුම සහිත ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු වියත් මග දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධවන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා වසංගත පාලන ක්‍රියාන්විතයේ සියලුම කටයුතුවලින් ඉවත් කර පැත්තකට තබා ඇති අකාරය වෛරස වේදය පිළිබඳ ලෝ ප්‍රකට මහාචාර්යවරයෙක් වූ ද පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂයක  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් වූ ද තිස්ස විතාරණ  හෙළිදරවු කළේය.

ඔහු මෙම හෙළිදරව්ව කරනු ලැබුවේ විශේෂ අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

දේශපාලනයේ ඇති මේ දුර්දාන්ත ආකල්ප සහිත පටු බෙදීම සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් රටටත් කරන අගතිය පිළිබඳව මහාචාර්යවරයා වැඩිදුරටත් මේ සංවාදයේ දී හෙළි කළේය.

“මහාචාර්ය සිරිමලී මගේ හොඳම ගෝලයා හැටියට  මතු වුණ වෛරස විශේෂඥවරිය. එතුමිය මගෙ රසායනාගරයෙ වැඩ කළා පමණක් නොවෙයි. එංගලන්තයට ගිහින් වැඩි දුර අධ්‍යාපනය සඳහා එහෙ පරීක්ෂණ කළේ වෛර වේදය සම්බන්ධවයි.  ඇය ලංකාවට ආවෙ ඒ සියලු අත්දැකීම් සහිතව. කියන්න කණගාටුයි… ඒ විශේෂඥවරිය මේ වසංගතය සම්බන්ධ කටයුතුවලට  කිසිසේත් සම්බන්ධ කරගන්නෙ නෑ.  හේතුව මේකයි.  කවුරුත් දන්නවා වියත් මග ගැන.  ඔය සංවිධානයට එක් වෙන්න කියලා මටත් දෙතුන් ගමනක් ආරාධනා කළා.   මං කිව්වා දේශපාලන පක්ෂයකට අයත් කෙනෙක් ලෙසත් මගෙ වෘත්තියෙ නිදහස සලකලත් ඔය සංවිධානයට බැඳෙන්න කැමති නෑ කියලා”

Lankasara

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles