සබරගමු සිසුන් තෙවරප්පෙරුමව එළවයි

0
711

අද (03) පෙරවරුවේ සබරගමුව විශ්ව විද්‍යාලයට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් දැඩි විරෝධයක් දක්වමින් විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වීමට අවස්ථාව ලබා දී නොමැත.

පාලිත තෙවරප්පෙරුම මහතා සබරගමුව විශ්ව විද්‍යාලයට පැමිණියේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමටයි.

සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සමීර කපුවත්ත පැවසුවේ ඇමතිවරයෙක් විශ්වවිද්‍යාල භුමිය ඇතුළට පැමිණිමට ඔවුන් විරුද්ධ බවයි.

විශ්ව විද්‍යාල උප කුලපතිවරයාට පමණක් සංස්කෘතික මධ්‍යස්ථානය  විවෘත කිරීමට අවස්ථාව දිය හැකි බව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here