රට වහලා තියන්නැයි විපක්ෂය කියන්නේ ඩොලර් ටික නැතිවුණාම රටේ බලය අල්ලන්නයි

0
279

රට දිගටම වසා තබන්නැයි විපක්ෂය බලපෑම් කරන්නේ ඒ හරහා රටේ ආර්ථිකය බිඳ දමා බලය ඇල්ලීමේ වුවමනාවෙන් බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. 

“විපක්ෂය දැන් ඔය කියනවා රට වැහුවාම කියනවා ‘මදි, බාගෙට වහලා තියෙන්නෙ’ කියලා. මං දැක්කා වපර ඇහෙන් බලන මහත්තුරු ඉන්නවානෙ. වපර ඇහෙන් බලන මහත්තුරුන්ට වපරෙටනෙ පේන්නෙ. 

කර්මාන්තශාලා ටික වැහුවාම, අපනයන ක්ෂේත්‍රය වැටුණාම, අපනයනය නැතිවූණාම රටට එන විදේශ විනිමය අහිමි වෙනවා. රටට එන ඩොලර් ටික නැතිවෙනවා. ඩොලර් ටික නැති වෙනකොට තෙල් ටික ගේන්න බැරි වෙනවා. අවශ්‍ය කරන බෙහෙත් ටික ගේන්න බැරි වෙනවා. අන්න ඒක ඇතිවුණාම මේ අයට පුළුවන් අපි දැන් දේශපාලනික වශයෙන් ගොඩනැගෙන්න කියලා ආණ්ඩුව ගෙදර යන්න කියලා සටන් පාඨයක් හදාගෙන පාරට බහින්න” 

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here