විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය දිනවල ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණදුන් විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ විදුලි සහන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ තුළින් පහත සඳහන් සහන සැලසෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
ඒ අනුව,
මුළුමණින්ම හානියට පත්වූ නිවාස හිමියන්ගේ මෙතෙක් අයවීමට තිබූ විදුලි බිල්පත් අයකර නොගැනීමටත්,
ආපදාවට පත්වූ නිවාස සඳහා මැයි සහ ජූනි මාස වල විදුලි බිල්පත් ගෙවීම සඳහා ජූලි මස සිට බලපාන පරිදි මාස 2ක සහන කාලසීමාවක් ලබාදීමටත්,
ජලගැලීමෙන් විනාශයට පත්වූ නිවාස වලට නැවත විදුලි සබඳතාවය ලබාදීම නොමිලේ සිදුකිරීමටත්,
එසේ නැවත සබඳතාවය ලබාදීමේදී නිවාසවල අභ්‍යන්තර තැතදුම් පවා පරීක්ෂාකිරීම නොමිලයේ සිදුකර දීමටත්,
තම නිවාස අනාරක්ෂිත බැවින් තාවකාලික නිවාස වල රැුඳවු අය වෙනුවෙන් එම තාවකාලික රැුඳවුම් ස්ථාන වලට මාස 06 ක කාලසීමාවක් නොමිළයේ විදුලිය ලබාදීමටත්,
නව නිවාස වලට යාමට සිදුවන විදුලිපාරිභෝගිකයන්ට එම නව නිවාස වලට යාමේදී නොමිළයේ විදුලි සබඳතාවය ලබාදීමටත්,
GP 1 කණ්ඩායමට අයත්වන 42 KVA ක ප‍්‍රමාණයකට අඩුව විදුලිය ලබාගන්නා කුඩා ව්‍යාපාරිකයින්ට, මැයි සහ ජූනි මස බිල්පත් ජූලි මස සිට බලපාන පරිදි මාස 06 ක, වාරික 06 කට බෙදා ගෙවීමට අවස්ථාවක් ලබාදීමටත්
මේ වනතෙක් විසඳී නොමැති ඔවුන්ගේ විදුලි ගැටළු වලට විසඳුම් ලබාදීමට දීපව්‍යාප්ත විදුලි ජංගම සේවා පැවැත්විමටත්,
මෙම වැඩපිළිවෙල මේ මස 18 දින පුත්තලම දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමටත්