චීනය, ඇෆ්ගනිස්තානයේ පවතින ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක පමණ වටිනාකමකින් යුක්ත යැයි විශ්වාස කෙරෙන ඛනිජ සම්පත් අත්පත්කර ගැනීමට සූදානම් වන බවට වාර්තා පළව තිබේ.
ඇෆ්ගනිස්තාන භූමියේ,මෙතෙක් කැණීම් නොකළ රන්,ලිතියම් ඇතුළු වටිනා ඛණිජ සම්පත් විශාල ප්‍රමාණයක් පවතින අතර එහි වටිනාකම ඩොලර් ට්‍රිලියනයක් ඉක්මවන බව තක්සේරැ කර ඇත.
2003 වර්ෂයේ සිට 2020 දක්වා චීන මහජන විමුක්ති හමුදාවේ කර්නල්වරයෙකු ලෙස කටයුතු කළ ෂූ බෝ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට සපයා ඇති වාර්තාවකට අනුව, ඇමරිකානු ඉවත්වීමත් සමග චීනය,ඇෆ්ගනිස්තානය වෙත අවම දේශපාලන මැදිහත්වීම් සහිතව පුලුල් ආර්ථික ආයෝජන සිදුකිරීමට සූදානමින් සිටියි.
ඇෆ්ගනිස්තානයට මේ වනවිට අවශ්‍යව ඇති යටිතල පහසුකම් ඉදිකරදීමට චීනයට ඉහළ හැකියාවක් ඇති බවත් , ඊට හිලව්වක් ලෙස ආර්ථික ආයෝජන ලෙස මෙම ඛණිජ කැණීමට චීනයේ අවධානය යොමුව ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනයට එරෙහිව විවිධ නිල සහ නොනිල සම්බාධක පැනවීමට ඇමරිකාව සූදානම් වන පසුබිමක චීනය ඇෆ්ගනිස්තානයට වඩාත් සමීප වීම මෙම ඛණිජ සහ ස්වභාවික සම්පත් කැණීමට,පිටිවහලක් වනු ඇති බවටද විශ්වාස කෙරේ.