Friday, January 24, 2025

චීනයට බලපෑම් කළ යුතු යැයි කමලා හැරිස් වියට්නාමයට කියයි.

දකුණු චීන මුහුදේ සිදුකරන බලහත්කාරකම් නැවැත්වීම සදහා චීනයට දැඩි බලපෑම් කළ යුතු යැයි ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් වියට්නාමය වෙත අවධාරණය කර තිබේ.

මේ වනවිට වියට්නාමයේ සංචාරයක නිරත ඇමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් එරට බලධාරීන් හමුවේ මෙම අදහස් පළකර ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ලෝකයේ සෙසු රටවල් සමග එක්ව දකුණු චීන මුහුද නීති විරෝධී ලෙස තමන් යටතට ගැනීමේ චීන ක්‍රියාවලිය නැවැත්වීමට කටයුතු කළ යුතු,බව ඇය ඇය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබද සම්මුතියේ සදහන් එකගතාවයන්ට සහ කරැණුවලට පටහැනිව යමින් චීනය දකුණු චීන මුහුදේ තමන්ට අයත් නොවන කොටස් අයිති කර ගැනීමට කටයුතු කරන බවට බරපතල චෝදනාවක් නැගී තිබේ.

මෙි හේතුවෙන් චීනය, වියට්නාමය ,පිලිපීනය,ඉන්දුනීසියාව වැනි දකුණු චීන මුහුද ආශ්‍රිත රටවල් සමග මෙන්ම බටහිර රටවල් සමග ද නොසන්සුන්තාවයකට මැදීවී සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles