සමාගම් 17ක් නිෂ්පාදනය කරන කාබනික පොහොර මිලට ගන්න රජය සූදානම්

0
323

2021- 2022 මහ කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කරන දේශීය සමාගම් 17කින් දේශීය කාබනික පොහොර මිලදී ගැනීමට රජය තීරණය කොට තිබේ. එම සමාගම් දාහතෙන් මිලදී ගැනීමට යන කාබනික පොහොර තොගයට රුපියල් තුන්සිය හැත්තෑහතර කෝටි හැත්තෑලක්ෂ හතළිස්පන් දහසක මුදලක් ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යංශය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත.

සීමාසහිත ලංකා පොහොර සමාගම හා සී/ස කොළඹ කොමාර්ෂල් පොහොර සමාගම මගින් මිලදී ගෙන අදාළ පරිදි එම සමාගම්වල මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ කාබනික පොහොර නිෂ්පාදකයන් 17 දෙනාගෙන් තෝරාගත් නිෂ්පාදන ඔවුන් විසින් ම ඒ ඒ නියමිත ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අදාළ වී වගා ක්‍ෂේත්‍රයේ බෙදාහැරීම් සඳහා කටයුතු යොදා තිබේ. 

මෙරට වී වගාව සඳහා දේශීය වශයෙන් නිෂ්පාදන, කාබනික පොහොර දේශීය සමාගම්වලින් මිලදී ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වේ.

මවිබිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here