කෙරෝනා මරණ අනුපාතයෙන් ලංකාව ලෝකයේ 13වන ස්ථානයට

0
338

කොරෝනා මරණ අනුපාතය අතින් 9 වෙනි ස්ථානයේ හිටපු අපේ රට මේ වෙනකොට 13 වන ස්ථානයට ඇවිල්ලා තියෙනවා.

ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් 4561  දෙනෙකු හමු වුණා. ඒ සමගින් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ  සංඛ්‍යාව හාරලක්ෂ දාසය දහස් නවසිය හැට එක දක්වා ඉහළ ගියා. රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 55,399 ක්. මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  තුන් ලක්ෂ පනස් තුන් දහස් එකසිය අනූ එකක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඊයේ දිනයේ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 214 වන අතර එය දෙවන දිනටත් මරණ 200 සංඛ්‍යාව ඉක්මවා යාමක්. මේ දක්වා පුද්ගලයින් 8371 දෙනෙකු කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගෙවුණු පැය 24 දී මෙරට සිදු වූ කොරෝනා මරණ පිළිබද සැළකිලිමත් වීමේදී රටවල් 223 ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 13 වන ස්ථානයේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here