රිෂාඩ්ගේ මාමණ්ඩියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

0
287

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මහතාගේ මාමණ්ඩිය ව ඇප මත මුදාහරින්නැයි කෙරුණු ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

අදාළ සැකකරු වෙනුවෙන් මෝසමක් මාර්ගයෙන් මෙම ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා තම සේවාදායකයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවත් ඔහු පළමුවන කොවිඩ් මර්දන එන්නත පමණක් ලබාගෙන ඇති නිසා ඔහුගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ලවී ඇතැයි සඳහන් කළේය.

එය සුවිශේෂි කරුණක් සේ සලකා තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සැකකරුට රෝගී තත්ත්වයක් තිබේනම් රෝහල්ගතකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

අද දෙරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here