Sunday, September 22, 2024

ITN, රූපවාහිනී ප්‍රවෘත්ති බලන්න බෑ..! – ඉරාජ්

ස්වාධීන රූපවාහිනියේ සහ ජාතික රූපවාහිනියේ පුවත් විකාශයන් නැරඹීමමට අපහසු තත්වයකට පත්ව ඇති බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසනවා.

ඒ රාජ්‍ය මාධ්‍ය ස්වාධීන විය යුතු බවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

දේශපාලඥයන් යන එන තැණ් සහ කන බොන දෑ පෙන්වන තත්වයට රාජ්‍ය මාධ්‍ය ආයතන වල පුවත් සේවයන් පත්ව ඇති බවත් ඒවා බැලීමට ජනතාවට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් ඔහු පවසනවා.

එමෙන්ම, රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වාධීන විය යුතු බවට අමාත්‍යවරයා පැවසුවත් මෙරට මැති ඇමතිවරුන්ගේ වැටදි ක්‍රියා එම නාලිකා හරහා පෙන්වූවහොත් එම සේවකයන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බැවින් ඒ සම්බන්ධ වගකීම ජනමාධ්‍ය ඇමතිවරයා විසින් භාරගත යුතු බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

News 19

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles