මෙරට එන්නත්කරණය WHO – යුනිසෙෆ් ඇගයුමට

0
364

මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාවට නැංවෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානයේ මෙරට නියෝජිතවරුන් පසුගියදා සෞඛ්‍ය ඇමැති, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළ අතර, ඒ පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුවට ඔවුන්ගේ ප්‍රසාදය පළ කළහ.

මේ සතිය තුළ සෞඛ්‍ය ඇමැතිවරයා හමු වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා මෙන්ම ශ්‍රී ලංකාවේ ජපන් හා කියුබානු තානාපතිවරුන්ද මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය දැඩි පැසසුමට ලක් කළහ.

ඒ අනුව ජගත් සංවිධාන නියෝජිතවරුන්, විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන්ගේ ප්‍රසාදය මෙරට එන්නත්කරණ ක්‍රියාවලියට හිමිව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here