ඇමරිකාවෙන් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක්

0
302

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් අද හිමි වූ බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජූලි මස 16 වනදා පරිත්‍යාග කළ මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1යි දශම 5ට අමතර ව, මෙම ෆයිසර් එන්නත් මෙරටට පරිත්‍යාග කළ බවයි.

කොවැක්ස් පහසුකම යටතේ මේ වනවිට රටවල් 138කට එන්නත් මිලියන 209ක් ඇමෙරිකාව විසින් පරිත්‍යාග කර තිබෙනවා. මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිලින්ජර් මිලියන 2ක් ශ්‍රී ලංකාවට අදියර දෙකක් යටතේ පරිත්‍යාග කර තිබෙනවා.එහි අවසන් කොටස ඊයේ පස්වරුවේ මෙරටට ලබාදුන් බව මෙරට පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here