කොළඹ 100%ක් ඩෙල්ටා – පැයකට කොවිඩ් මරණ 9ක්

0
367

HomeLocal News

පැයකට කොවිඩ් මරණ 9ක් – ඩෙල්ටා වේගයෙන් පැතිරේ

August 28, 2021

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ හඳුනාගත් නව විකෘති ප්‍රභේදය ද කොළඹින් බැහැර සෙසු ප්‍රදේශවලට පැතිරයාමේ අවදානම පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ, “ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරෙනවා. මේ අලුත් රැල්ලට සම්පුර්ණයෙන්ම හේතුකාරක වන ප්‍රභේදය තමයි ඩෙල්ටා. මේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය කොළඹින් තමයි පටන් ගත්තේ. දැන් ඉතාමත් වේගයෙන් අනෙකුත් පළාත්වලටත් පැතිරෙමින් පවතිනවා. මේ අවස්ථාවේ දී කොළඹ ඩෙල්ටා තමයි 100%ක්  වගේ තිබෙන්නේ. මේ අලුත් ප්‍රභේදය අනේකුත් පළාත්වලටත් පැතිරෙනවා කියන එක සැකයක් නැහැ,“ යනුවෙනි.

මේ වන විට පැයකට කොවිඩ් මරණ 09ක් පමණ මෙරටින් වාර්තා වන බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

විශේෂයෙන් එන්නත් ලබානොගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් එන්නතකරණයට කඩිනමින් යොමුවිම සහ එක් මාත්‍රාවක් ලබාගත් පිරිස් එන්නත්කරණය සම්පූර්ණ කිරිම අනිවාර්යෙන් සිදුකළ යුතු බව ඇය කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here