මාස ගණන් එකම දිනයකවත් වැඩට එන්නෙ නැතුව සමහර රාජ්‍ය සේවකයින් මුලු වැටුපම අරගෙන

0
301

වසරකට වැඩි කාලයක් තිස්සේ එකම දිනයක් සේවයට වාර්තා නොකල ගුරු විදුහල්පතිවරුන්ද , ගෙවුණු මාස හයේ දී එකම දිනයක් හෝ සේවයට වාර්තා නොකළ රාජ්‍ය සේවකයන්ද විශාල පිරිසක් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හෙළිදරව් කරගෙන තිබේ.

නමුත් ඒ සියලු දෙනාටම නියමිත වැටුප් ගෙවා ඇතැයි ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වාර්තා කලේය.

ඇතැම් විධායක ශ්‍රේණි නිලධාරීන් පැය කිහිපයක් පමණක් සේවයට වාර්තා කර ප්‍රවාහන සහ ඉන්ධන දීමනාව ලබාගෙන තිබේ.

ඔවුන් සේවා ස්ථානයේ රැඳී සිට ඇත්තේ පැය දෙක තුනක් පමණි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇතැම් පෞද්ගලික ආයතන ගත වූ කාල සීමාව තුළ වැටුප් ගෙවීම සීමා කර ඇත.

පුද්ගලක ආයතන අති බහුතරයක් මෙම කාල සිමාවේදී මූලික වැටුප් පමණක් හෝ අඩ වැටුපක් පමණක් සේවකයනට ගෙවා තිබේ.

මවුරට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here