එන්නත නොගන්න අයට පොලිසියෙන් ක‍්‍රියාමාර්ග

0
279

නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පමණක් කොරෝනා පාලනය කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි.

ජදරදබ් එන්නත ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් පිළිබඳව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදය ඉතා භයානක බවත් එය වේගයෙන් පැතිරී යන බව ජනතාව තේරුම් ගත යුතු බවත් ඒ මහතා පැවසීය.

මෙය නවතා ගත හැක්කේ රටේ ජනතාවට පමණක් බව පැවසූ ඔහු ඒ නිසා අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න නිවසින් එළියට නොබසින ලෙසද ඉල්ලා සිටියේය.

මුඛ ආවරණයක් නැතිව සිටින පුද්ගලයන් උසාවි දැම්මාට කොරෝනා පාලනය නොවන බවත් හැම දෙනාම ස්වයං විනයක් ඇති කර ගත යුතු බවත් විනය ගරුකව හැසිරිය යුතු බව ඔහු තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here