කහ ගෑස් සිලින්ඩරය නිල් පාටකර ගෙනත් දීලා

0
372

අලෙවි නියෝජිතවරයාට ලබාදී ගෑස් සහිත ලිට්‍රෝ සිලින්ඩරයක් රැගෙන ගිය පුවතක් වාර්තා වේ.

හැටන් දික්ඔය නගරයේ ලිට්‍රෝ ගැස් අලෙවි එජන්තවරයාගෙන් කහ පාට ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් වංචා සහගත ලෙස වර්ණය වෙනස් කර ගැස් ලබාගත් කාන්තාවක් සොයාගැනිමට එම ව්‍යාපාරිකයා පියවර ගෙන ඇත.

දික්ඔය නගරයේ ලිට්‍රෝ ගැස් එජන්තවරයා වෙත (27) දින ත්‍රිරෝද රථයකින් පැමිණි කාන්තාවක් ලිට්‍රෝ ගැස් සිලින්ඩරය ව්‍යාපාරිකයාට ලබා දි ඒ වෙනුවෙන් ගැස් සහිත ලිට්‍රෝ ගැස් සිලින්ඩරයක් රැගෙන ගොස් ඇත.

ගැස් එජන්තවරයා වෙත ගැස් බෙදා හරින සමාගමින් පැමිණ ව්‍යාපාරිකයා සතු ගෘහස්ථ හිස් සිලින්ඩර් ලොරි රථය වෙත පටවන අවස්තාවේ එක් සිලින්ඩරයක නිල් පාට වර්ණය ගැලවි කහපාට වර්ණය මතුවිමත් සමග ගැස් සමාගමේ සේවකයින් විසින් එම සිලින්ඩරය ලබා ගැනිම ප්‍රතික්ෂේප කර ඇත.

පසුව ව්‍යාපාරිකයා ඔහුගේ වෙලදසැලේ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදි අලුත්ම නිල් පාට වර්ණය සහිත ගැස් සිලින්ඩරයක් රැගෙන තම වෙලදසැලය පැමිණෙන කාන්තාවක් පිලිබදව ව්‍යාපාරිකයා සැක කර ඇත.

හැටන් සහ දික්ඔය යන ප්‍රදේශවල කහ පැහැති ගෘහස්ථ ගැස් සිලින්ඩර් නිල් පැහැ ගන්වා වංචනික ලෙස නිල් පැහැයෙන් යුත් ලිට්‍රෝ ගෘහස්ථ ගැස් සිලින්ඩර් ලබා ගන්නා බවටද තොරතුරු අනාවරණය වි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිලි කරන බවද එම ව්‍යාපාරිකයා පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here