පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නවත් එපා කියලාද මේ රජය මේ කියන්නේ ?

0
296

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරන මෙන් ඉල්ලා මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ සමාජ ක්‍රියාකාරික ෂෙහාන් මාලක මහතාව ඊයේ (28) තුන්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබුණු අතර සිව්වැනි දිනටත් සඳුදා එහි පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි. 

මෙසේ මෙම තරුණයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම පිළිබඳව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා ඊයේ මාධ්‍ය හමුවකදී මෙසේ ප්‍රකාශ කළේය. 

“දැන් මේ තරුණයා පාස්කු ප්‍රහාරය පිළිබඳව මාධ්‍යයට කරපු ප්‍රකාශයක් හේතුවෙන් තමයි මේ කැඳවීම කරලා තියෙන්නෙ. නමුත් ඊට වඩා තොරතුරු දන්න, ඊට වඩා තොරතුරු දන්නවා කියලා පාස්කු විමර්ශන කොමිෂන් සභාව පිළිඅරගෙන, නිර්දේශ ඉදිරිපත් කරපු පුද්ගලයින් කීපදෙනෙක් සිටිනවා. ඒ දේවල් නොකර මේ දේවල් කිරීමෙන් කිරීමෙන් දෙන්න යන පණිවිඩයක් තියෙනවා කියලා අපට හිතෙනවා. ඒ තමයි මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් කතා කරන්නට එපා කියන එක. මෙන්න මේ මර්දනය නම් මේ ආරම්භ කරන්නට යන්නෙ එහෙම නම් අපට හොඳටම විශ්වාසයි අපි බලාපොරොත්තු වෙන මේ සාධාරණත්වය, යුක්තිය සහ මේ පාස්කු ප්‍රහාරය පිටුපස තියෙන කුමන්ත්‍රණයේ සුලමුල, සත්‍යය මේ විදියට නම් හොයන්න වෙන්නේ නෑ කියන එක” 

සිරිල් ගාමිණී පියතුමා මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉටුකර ගැනීම සඳහා වන අගරදගුරු පදවි කමිටුව විසින් ඊයේ (28) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here