එන්නත්කරණ මධ්‍යස්ථානවල ගැටලු ඇතිවීමට ප්‍රධානම හේතුව සෞඛ්‍ය ප්‍රධානීන් කරන ප්‍රකාශයි

0
296

එන්නත්කරණ මධ්‍යස්ථානවල ගැටලු ඇතිවීමට ප්‍රධානම හේතුව ඕනෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකින් එන්නත් ලබාගත හැකි බවට සෞඛ්‍ය ප්‍රධානීන් කරන ප්‍රකාශ බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට අදාළ ග්‍රාම නිළධාරී කොට්ඨාශය තුළ පිහිටුවන එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් පමණක් එන්නත ලබාගන්නා ලෙසයි.

මේ වනවිට එක් මාත්‍රාවක් හෝ ලබාදී නොමැති ග්‍රාම නිළධාරී කොට්ඨාශ කෙරෙහි බළධාරීන් අවධානය යොමුකිරීමේ අවශ්‍යතාවයද උපුල් රෝහණ මහතා අවධාරණය කලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here