ඇෆ්ගන් කතකට අඩි 33,000 ඉහළ අහසේදී ලැබුණු දියණිය

0
362

26 හැවිරිදි ඇෆ්ගනිස්ථාන කාන්තාවක් වන සොමන් නූරි ඩුබායි සිට එංගලන්තයේ බර්මිංහැම් දක්වා මුදවාගැනීමේ ගුවන්ගමන් අතරතුරදී දියණියක් බිහිකර ඇති බව තුර්කි ගුවන් සමාගම පවසනවා. තුර්කි ගුවන්සේවයට අයත් ගුවන්යානයකින් ඇය එංගලන්තය දක්වා ගමන්කර ඇති අතර කුවේට් ගුවන් අවකාශය තුළදී ඇය විසින් මෙම දියණිය බිහිකර තිබෙනවා.

එම අවස්ථාවේදී ගුවන්යානය තුළ කිසිදු වෛද්‍යවරයෙකු සිට නොමැති අතර දරුවා බිහිකිරිමට උපකාර කර ඇත්තතේ තුර්කි ගුවන්කාර්ය මණ්ඩලය විසිනි.

දරුවා උපත ලැබීමත් සමග ගුවන්යානය කුවේටයට ගොඩබස්වා ඇති අතර දියණියට තුර්කි භාෂාවෙන් හවා (havva)ලෙස නම් තබා තිබෙනවා. මේ අතර මීට දින කිහිපයකට පෙර ඇෆ්ගන් කතකට අමෙරිකානු ගුවන්යානයකදී උපත ලැබු දියණියට REACH යන නම තබා ඇති බව වාර්තාවනවා.

REACH යනු ඇය ගමන්ගත් ගුවන්යානයේ නම බවයි වාර්තාවන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here