ශාකසාර සංඝටක 21 කින් සැකසු මුව ආවරණයක්

0
273

බැක්ටීරියා සහ වෛරස් වලින් ආරක්ෂාව ලබා දෙන දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක් නිෂ්පාදනය කරන්නට නව නිර්මාණ ශිල්පියෙක් සමත්ව තිබේ.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත නව නිර්මාණ ශිල්පී සමන් හෙට්ටිආරච්චි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම මුව ආවරණය පිළිගන්නවා තිබෙි.

පෙරුම්කායම්, දේවදාර, කුරුදු පොතු, පාවට්ට මුල්, රතු ලූණු, ඉගුරු, කොත්තමල්ලි, වෙනිවැල් ගැට, කොහොඹ, කරාබු නැටි, ඉගුරු පියලිය, අමු කහ ඇතුළු දේශීය ශාකසාර සංඝටක 21ක් යොදා මෙම මුව ආවරණය සකස් කළ බව සමන් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

නව නිර්මාණයක් ලෙස මෙම මුව ආවරණය සදහා අදාල පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති අතර ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණික ආයතනය හෙවත් අයි.ටී.අයි. ආයතනය මගින් තත්ත්ව සහතිකයක් ද පිරිනමා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here