සීනි කිලෝවක් රුපියල් 98කට ලබාදිය හැකියි

0
291

ලෝක වෙළෙඳ පොළේ පවතින මිල ගණන් අනුව සීනි කිලෝවක් රුපියල් අනූ දෙකකට මිලදී ගෙන රුපියල් අනූ 98 ක මුදලකට පාරිභෝගික ජනතාවට ලබාදීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී අද (30) පැවසීය.

රුපියල් 92 කට මිලදී ගත හැකි සීනි කිලෝවක් රුපියල් 220කට අලෙවි කිරීමට ඉඩ දීම පිලිබද වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් රණවක මහතා සඳහන් කළේය.

එසේ ඉල්ලා අස් නොවී තවදුරටත් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් සිටින්නේ නම් එම ජාවාරම්කරුවන්ගෙන් අමාත්‍යවරයාට කොමිස් මුදල් ලැබෙන බවට සැක කිරීමට සිදුවන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සීනි කිලෝවකින් රුපියල් සියයකට අධික ලාභයක් ලබමින් ජාවාරම්කරුවන් රුපියල් බිලියන හැත්තෑවක් පමණ වසරකට උපයමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවේ වැරදි මූල්‍ය ආර්ථික සැලසුම් හේතුවෙන් ඔක්තෝබර් මාසය වන විට රට තුළ දැඩි සාගතයක් ඇති වී ඉතා අසීරු තත්ත්වයකට රට පත්වීමේ අවදානමක් පවතින බවත් රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here